2025 online ඹන්ලයින් පන්තියට සම්බන්ධ වන්න
Showing posts with label පාඩම් ඒ්කක සදහා අමතර කියවීම්. Show all posts
Showing posts with label පාඩම් ඒ්කක සදහා අමතර කියවීම්. Show all posts

Saturday, June 5, 2021

ජාත්‍යාන්තර සංවිධාන

 

Flag of එක්සත් ජාතීන්ගේ සංවිධානය හී ධජය
Flag
එජා සාමාජීක රාජ්‍යයන් සහ (එජා අනුව) ඒවායේ එජා-පිළිගත් පරායත්ත-රාජ්‍යයන් දක්වන සිතියම
එජා සාමාජීක රාජ්‍යයන්
සහ (එජා අනුව) ඒවායේ එජා-පිළිගත් පරායත්ත-රාජ්‍යයන් දක්වන සිතියම
මූලස්ථානයනිව්යෝක් නගරය, මැන්හැටන් හි, ජාත්‍යන්තර භූමිප්‍රදේශය
නිල භාෂාවන්අරාබි , චීන , ඉංග්‍රීසි , ප්‍රංශ , රුසියානු , ස්පාඤ්ඤ
සාමාජිකත්වය193 සාමාජීක රාජ්‍යයන්
නායකයෝ
• මහ-ලේකම්
Antonio Guterres
Establishment
• එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය
1945 ජූනි 26
• ප්‍රඥප්තිය අපරානුමත කිරීම
1945 ඔක්තෝබර 24

එක්සත් ජනපද ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල්ට් යෝජනා කළ එක්සත් ජාතින් යන නාමය බලවතුන්ට එරෙහිව අඛණ්ඩව සටන් කරන බවට ප්‍රතිඥා දෙමින් ජාතීන් 26ක නියෝජිතයින් දෙවන ලෝක යුධ සමයේ 1942 ජනවාරි 1 වනදා කල එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයෙහි මුල්වරට භාවිතා කරනු ලැබීය.

අර්බුද සාමකාමී ලෙස සමථයකට පත් කිරීම, යුද්ධ වැලැක්වීම සහ සංග්‍රාම නීති සංග්‍රහකරණය සඳහා වන විධික්‍රම විස්තර කොට දැක්වීම පිණිස ප්‍රථම අන්තර් ජාතික සාම සමුළුව 1899 දී හේග් නගරයේදී පවත්වන ලදී. අන්තර්ජාතික ආරවුල් සාමකාමී ලෙස සමථයකට පත් කිරීම පිළිබඳ සම්මුතිය සම්මත කොට ගත් එය 1902 දී ක්‍රියාත්මක වූ ස්ථාවර බේරුම් උසාවිය ස්ථාපනය කළේය.

එක්සත් ජාතීන්ගේ පෙර ගමන්කරු වූයේ ජාතීන්ගේ සංගමයයි. ප්‍රථම ලෝක යුද්ධය වලක්වා ලීමට අසමත් වීම නිසා ජාතීන්ගේ සංගමය සිය ක්‍රියාකාරීත්වය අවසන් ‍කළේය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සම්පාදනය කරනු වස් රටවල් 50 ක නියෝජිතයෝ 1945 දී සැන් ‍ෆ්‍රැන්සිස්කෝ හි පැවති අන්තර්ජාතික සංවිධානය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවවේ දී හමුවූ අතර 1945 ජුනි 26 වැනිදා රටවල් 50 ක නියෝජිතයෝ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අත්සන් තැබූහ. සමුළුවට සහභාගී නොවූ පෝලන්තය පසුව ඊට අත්සන් තැබීමෙන් ආරම්භක සාමාජික රාජ්‍යයන් 51 අතරට එක් විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංඡනය
එක්සත් ජාතීන්ගේ සමුළුව

චීනය, සෝවියට් දේශය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ සෙසු අත්සන්කරුවන්ගෙන් බහුතරය 1945 ඔක්තෝඹර් 24 දා ප්‍රඥප්තිය සනාථ කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන් නිල වශයෙන් උපත ලැබී ය.සෑම වසරකම ඔක්තෝම්බර් 24 දින එක්සත් ජාතීන්ගේ දිනය සමරනු ලැබේ

ප්‍රඥප්තියේ සඳහන් අන්දමට එක්සත් ජාතීන්ගේ අරමුණු මෙසේ ය.

  1. ජාත්‍යන්තර වශයෙන් සාමය හා ආරක්ෂාව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාකාරීත්වය සහතික කිරීමේ පියවර ගැනීම හා සාමයට ඇති තර්ජන ඉවත් කිරීම.
  2. ජාත්‍යන්තර වශයෙන් පවතින ආර්ථික , සාමාජීය, සංස්කෘතික, මානුෂීය ගැටළු විසඳීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම.
  3. පොදු අයිතිවාසිකම් පදනම් කරගෙන ජාතීන් අතර හොඳ හිත වර්ධනය කර ගැනීම.
  4. ඉහත සඳහන් අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා සංයෝජනය කර ගැනීමේ මධ්‍යස්ථානයක් වශයෙන් කටයුතු කිරීම

එක්සත්ජාතීන් පිළබද තොරතුරු පොත ලබාගන්න

ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization)


විස්තරය

විස්තරය

ලෝක සෞඛ්‍ය සංවිධානය යනු එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජනයක් වන අතර එය ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය ගැටළු පිළිබඳව සම්බන්ධීකරණ කටයුතු කරන අධිකාරිය ලෙසට ක්‍රියා කරයි. Wikipedia
මූලස්ථානය: ජිනීවා, ස්විස්ටර්ලන්තය
ආරම්භය: 1948 අප්‍රේල් 7
ප්‍රාරම්භකයින්: එක්සත් ජනපදය,
මව් සංවිධානය: එක්සත් ජාතීන්ගේ සංවිධානය



Friday, October 23, 2020

 වර්තමාන උපධ්‍රව ත්වයන් ගැන දැන ගන්න. පැසිෆික් අපධා මධ්‍ය්ස්ථානයට පිවිසෙන්න.